.webp)
-607156.jpg)
COLOMBO (News 1st) - මෙක්සිකෝවේ දුම්රියක් පීලිපැනීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් 98 දෙනෙකු තුවාල ලබා ඇති බව වේ.
අනතුර සිදුවන අවස්ථාවේදී කාර්ය මණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකු සහ මගීන් 241 දෙනෙකු දුම්රියේ සිටි බව මෙක්සිකෝ බලධාරීන් සඳහන් කළේය.
අනතුරට ලක්ව ඇත්තේ 2023 වසරේදී ධාවනයට එක්කෙරුණු මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයේ සිට එරට ගල්ෆ් වෙරළ තීරය දක්වා ධාවනය කෙරෙන දුම්රියකි.
