සෙනසුරාදා දිනයක් සේ සලකා අද දුම්රිය ධාවනයට සැලසුම්

සෙනසුරාදා දිනයක් සේ සලකා අද දුම්රිය ධාවනයට සැලසුම්.. - දුම්රිය දෙපාර්තමේන්තුව

by Staff writer 18-03-2026 | 7:58 AM

COLOMBO(News1st) - සෙනසුරාදා දිනයක් සේ සලකා අද දිනයේ දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග ප්‍රවාහනය සීමා කරන්නැයි රජය දී ඇති උපදෙස් අනුවයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 58 ක්, මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 66 හා කැලණි වැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 10 ක් ක්‍රියාත්මක කරනු ඇති.