නුවරඑලිය ප්‍රා.සභාපති අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

නුවරඑලිය ප්‍රාදේශීය සභා සභාපති අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

by Staff writer 07-04-2026 | 3:38 PM

COLOMBO(News1st) - නුවරඑලිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොමිෂන් සභාව සඳහන් කළේ, රජයට අයත් ඉඩමක ඉදිකිරිම් සැලසුමක් අනුමත කර අදාළ අයදුම්කරු හට වාසියක් සලසා දිම තුළින් දුෂණය නැමැති වරද සිදුකිරිමේ චෝදනාව මත නුවරඑලිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද(07) දින අත්අඩංගුවට ගත් බවයි.

සභාපතිවරයා අද(07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.