පිටකොටුව බස් නැවතුම්පොළේ කටයුතු හෙට ඇරඹේ

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ මෙහෙයුම් කටයුතු හෙට(08) ඇරඹේ

by Staff writer 07-04-2026 | 9:20 AM

COLOMBO(News1st) - නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ මෙහෙයුම් කටයුතු හෙට(08) ආරම්භ වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

වසර 60කට පසු කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ කටයුතු ආරම්භ වූයේ පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදායි.

එම කටයුතු සිදු කෙරුණේ Clean SriLanka වැඩසටහන යටතේ රුපියල් මිලියන 425ක ප්‍රතිපාදන යොදා ගනිමින්.