කම්කරු දිනය වෙනුවෙන් අගමැතිතුමියගේ පණිවුඩය

කම්කරු දිනය වෙනුවෙන් අගමැතිතුමියගේ පණිවුඩය

by Staff writer 01-05-2026 | 6:43 AM

COLOMBO(News1st) - සියලු පුරවැසියන් සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයන් තහවුරු කිරීම රජයේ මූලික අරමුණ බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය කම්කරු දින පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, සෑම කෙනෙකුටම ගෞරවනීය වෘත්තීය ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ වගකීම බවයි.

වැටුප් රහිත ශ්‍රමය හඳුනාගන්නා ජාතික සමාජ ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ එවැනි ශ්‍රමිකයින් සඳහා සමාජ ආරක්ෂණය සහතික කිරීම, රජයේ ප්‍රමුඛ කාර්යන් අතර වන බව, අග්‍රාමාත්‍යවරිය පවසයි.