.webp)

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ගම්පහ රත්නපුර කොළඹ කලුතර ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 4,662ක පුද්ගලයින් එලෙස පීඩාවට පත්ව ඇති බවයි.
ආරක්ෂිත ස්ථාන 11ක රඳවා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 297ක්.
නිවාස 360කට ආසන්න සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
ඔවුන්ට සහන සැලසීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.
මේ අතර වර්ෂාවත් සමග කළුගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, කළු ගගේ ජල මට්ටම ඇල්ලගාව, පුටුපාවුල හා රත්නපුර ප්‍රදේශවලින් අවදානම් මට්ටමට ළගා වී ඇති බවයි.
මේ හේතුවෙන් ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යටවී ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
මේ අතර කළු ගං ද්‍රෝණියේ සුළු ගංවතුර අවදානම අද දහවල් සිට තවත් පැය 24කින් දීර්ඝ කරනු ලැබුවේය.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, කළුතර, බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කළු ගඟ නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසයි.
අත්නගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතී.
එහෙත් ගංවතුර මට්ටම ක්‍රමයෙන් බැස යමින් ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් නිශාන්ත පැවසුවේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 11,500කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි.
මේ වනවිට අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් ජා ඇල හා කටාන ප්‍රදේශවල ගංවතුර තත්ත්වය වැඩිවෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.
කැළණි ගගේ නාගලගම් විදිය ජල මට්ටම ද අවදානම් තත්වයක ඇතත් එයද මේ වනවිට අඩුවෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක සඳහන්.
මේ අතර පවතින වැසි සමග ප්‍රධාන ජලාශ 8ක් හා මධ්‍ය පරිමාණ ජලාශ 8ක් වාං දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි වේ.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු 1 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
අධික වර්ෂාව හමුවේ ඉදිරි පැය 24 සඳහා දිස්ත්‍රික්ක 2 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපකට නායයාමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, නායයාම් අධ්‍යයන අංශය පැවසුවේ ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල , රුවන්වැල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අයගම කුරුවිට හා ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා එලෙස ඉවත්වන්නැයි රතු නිවේදන නිකුත් කර ඇති බවයි.
මේ අතර කොළඹ, කළුතර, කෑගල්ල ගම්පහ, නුවර එළිය හා රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑම් පිළිබඳ අධියර එක හා දෙක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.
