අනුරාධපුර දැරියගේ සිද්ධියට දිලුම්ට කැඳවීමක්

දිලුම් අමුණුගම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කැඳවයි..

by Staff writer 23-05-2026 | 9:12 PM

COLOMBO(News1st) - සර්වජන බලයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කැඳවා තිබේ.

ඒ පල්ලේගම හේමරතන හිමි විසින් අපයෝජනය කළ බව කියන අනුරාධපුරයේ දැරිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකින් දැරියට වාචික හිංසනයක් සිදුවූ බවට පොලීසියට ලද පැමිණිල්ලක් අනුවයි.

ලබන සඳුදා ඔහු පොලිස් ළමා හා කාන්තා කාර්යංශය හමුවට කැඳවා ඇති බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

මේ අතර සිදුවන පොලිස් පරීක්ෂණ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පොලීසිය කරුණු පැහැදිලි කළේය.