කඩා වැටුණු SpaceX දැවැන්ත යානය..

ගිනිබත් වී ඉන්දියන් සාගරයට කඩා වැටුණු SpaceX දැවැන්ත යානය..

by Staff writer 23-05-2026 | 6:17 PM

COLOMBO(News1st) - ලොව ප්‍රකට SpaceX සමාගම විසින් මෙතෙක් නිෂ්පාදනය කරන ලද විශාලතම සහ ප්‍රබලතම 'Starship' රොකට්ටුව පසුගිය සිකුරාදා  පරීක්ෂණ පියාසර සැසියකදී  සාර්ථකව උඩුගුවනට මුදාහැරියා. 

මෙලෙස ගමන් කර ඇත්තේ සඳ මතට ගගනගාමීන් රැගෙන යාම සඳහා නාසා (NASA) ආයතනය බලාපොරොත්තු තබාගෙන සිටින යානයක්.

ටෙක්සාස් ප්‍රාන්තයේ සිට ගමන් ආරම්භ කළ මෙම යානය,  ගමනාන්තයට ළඟාවීමේදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් පිපිරී විනාශව ඉන්දියානු සාගරයට පතිත වී තිබේ.

කෙසේ වෙතත් SpaceX සමාගම පවසන්නේ  පරීක්ෂණ මට්ටමේ පවතින ව්‍යාපෘතිවලදී මෙවැනි සිදුවීම් සාමාන්‍ය දෙයක් බවයි.