ජාතික තරුණ දිනය අදයි...

ජාතික තරුණ දිනය අදයි...

by Staff writer 23-05-2026 | 10:40 AM

COLOMBO(News1st) - ජාතික තරුණ දිනය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් අනාගතය - අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා - යන තේමාවෙන් දිවයින පුරා පාගමන් 25 ක්‍රියාත්මකයි.

ජාතික තරුණ සේවා සභාව සහ යූත් ක්ලබ් ජාතික සම්මේලනය එක්ව එම පාගමන් සංවිධානය කර තිබෙනවා.

''අනාගතය අහිමි කරන විෂමත්ද්‍රව්‍ය එපා" යන තේමාව යටතේ ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලදී මෙම පාගමන් පැවැත්වීමට  නියමිතව තිබේ.

මෙහි ජාතික වැඩසටහන මහරගමදී පැවැත්වීමට නියමිතයි.