වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථ රියදුරෙකු මරුට

දෙමටගොඩ, කළුපාලම යට වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථ රියදුරෙකු මරුට

by Staff writer 17-09-2026 | 9:06 PM

COLOMBO(News1st) -දෙමටගොඩ, කළුපාලම යටදී වෙඩි තබා ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සඳහන් කළේ, ඔහු ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

අද පස්වරුවේ පිස්තෝලයකින් වෙඩි තැබිමකින් ඝාතනය සිදු කර ඇතැයි පොලිසිය සෙඳහන් කළේය.

ත්‍රීරෝද රථයේ පිටුපස පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයා යුධ හමුදාවේ සේවය කළ අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි