.webp)

එහි මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සඳහන් කළේ, උදෑසන කාර්යාල දුම්රිය ද සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි.
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් පෙරේදා(16) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත විය.
ඒ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වහා ඉවත් කිරීම සහ ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීයෙකු සම්බන්ධයෙන් පාලනාධිකාරීය නිකුත් කර ඇති ලිපියක් මගින් ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම වැළැක්වීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් ය.
එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අවසන් කිරීමට නියමිතව ඇත්තේ, අද(18) මධ්‍යම රාත්‍රියේදීයී.
දුම්රිය මගීන් අපහසුතාවට ලක් නොකර ඊයේ(17) දිනයේත් දුම්රිය ධාවනයට කටයුතු කළ බව, දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය ප්‍රකාශ කළේ ය.
