විශ්වවිද්‍යාලවල පුරප්පාඩුපිරවීමට අගමැතිගෙන් උපදෙස්

විශ්වවිද්‍යාලවල පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නැයි අගමැතිගෙන්, උප කුලපතිවරුන්ට උපදෙස්.

by Staff writer 18-09-2026 | 8:36 AM

COLOMBO(news1st) - විශ්වවිද්‍යාල තුළ පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසුරිය උපකුලපතිවරුන්ට උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබා දී ඇත්තේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභාවට එක්වෙමිනි.

එහිදී අග්‍රාමාත්‍යවරිය , අමාත්‍යංශය මගින් අනුමත කර ඇති පුරප්පාඩු සඳහා මෙතෙක් පත්වීම් සිදු නොකිරිම සම්බන්ධයෙන් උපකුලපතිවරුන්ගෙන් විමසා තිබේ.

විශ්වවිද්‍යාලවල නවකවදය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී වින්දිත සිසුන් තුළ ඒ කෙරෙහි විශ්වාසයක් ඇතිවන අයුරින් පියවර ගත යුතු බව ද ඇය සඳහන් කළා ය.

විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරිම සම්බන්ධයෙන් සදාචාරත්මක වගකීමක් එහි පාලනාධිකාරීයට පැවරෙන බව ද අග්‍රාමත්‍යවරිය අවධාරණය කළා ය.