‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන හෙට ඇරඹෙයි...

‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන හෙට ඇරඹෙයි...

by Staff writer 18-09-2026 | 9:13 AM

COLOMBO(news1st) - සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දරුවන් සසුනට පූජා කළ, දැනට ස්ථිර නිවෙසක් නොමැති මව්පියන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන හෙට(19) ආරම්භ වීමට නියමිතව තිබේ.

බුද්ධ ශාසන සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළේ, එම වැඩසටහන යටතේ නිවාස 1000ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි

ඉන් නිවාස 100 ක් මේ වසර තුළ ඉදිකර ලබාදීමට නියමිත බව, නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

ඔහු සඳහන් කළේ, එක් නිවසක දල වටිනාකම රුපියල් ලක්ෂ 15 කට අධික බවයි.