.webp)

ක්‍රමයෙන් වර්ධනය වන එය, ඉදිරි දින තුන - හතර ඇතුළත, ඉන්දියාවේ දකුණු ඔඩීෂා සහ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීර දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂිතයි.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 50 - 60ත් දක්වා ඉහළ යා හැකියි.
ගාල්ල සිට හම්බන්තොට දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද, පැයට කිලෝමීටර 50 ක් දක්වා ඉහළ යා හැකියි.
ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජනතාවට දැනුම් දෙයි.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකියි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
