.webp)

එහි ප්‍රතිඵල මත උපාධිදාරින් 23,000ක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතව තිබේ.
ඒ අනුව ගුරු විභාගයෙන් දැනට රාජ්‍ය සේවයේ සිටින උපාධිදාරින් සඳහා පෙනි සිටී 15,000 ක් ද ,විවෘත පදනම මත පැවති ගුරු විභාගයෙන් 8,000ක් ද බඳවා ගැනීමට නියමිතයි.
සම්මුඛ පරික්ෂණ ඔක්තොම්බර් මාසයේ පැවැත්වෙනු ඇති.
අමාත්‍යශය සඳහන් කළේ, බඳවා ගැනිම් දෙසැම්බර් මාසයේ සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර විද්‍යාපිඨ ඩිප්ලෝමාධාරීන් 6,500ක් ද ගුරු සේවයට බඳවා ගැනිමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
ලබන පෙබරවාරි මාසයේ එම බඳවා ගැනිම් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.
එම සියලු ගුරුවැරුන් දැනට පුරප්පාඩු පවතින ජාතික සහ පලාත් පාලන පාසල්වලට අනියුක්ත කරනු ඇති.
මේ වන විට මෙරට පාසල් පද්ධතිය ආශ්‍රිතව ගුරුපුරප්පාඩු සංඛ්‍යාව 40,000 කට අධිකයි.
පසුගිය මැයි 24 වැනිදා ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරින් බඳවා ගැනීමේ තරග විභාගය පැවැත්විය.
මෙවර,ඒ සඳහා පෙනිසිටී අයදුම්කරුවන් සංඛ්‍යාව එක්ලක්ෂ හැටතුන්දහස් හාරසිය තිස්තුන් දෙනෙකි.
