.webp)

එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසම, පසුගිය 4 වැනිදා අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ අද(18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූයේ යැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා ඇති නඩුවට අදාළව නාමල් රාජපක්ෂ ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පසුගිය 13 වැනිදා නීතිපති උපදෙස් මත නාමල් රාජපක්ෂ, එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කළේ ය.
අනතුරුව ඔහු, පෙරේදා(16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
