ආදායම් බදු ගෙවීමට දී තිබූ කාලය අදින් අවසන්

2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු ගෙවීමට දී තිබූ කාලය අදින් අවසන්

by Staff writer 30-09-2026 | 9:45 AM

COLOMBO (News 1st) - 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු ගෙවීමට දී තිබූ කාලය අදින් අවසන් වෙයි.

සමාගම් ආදායම් බදු , පුද්ගල ආදායම් බදු සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු අය කෙරෙන පුද්ගලයින් හා ව්‍යාපාර ඒ යටතේ සිය බදු මුදල් ගෙවිය යුතු ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බදු ගෙවීමට යටත් වන පුද්ගලයින් සහ ව්‍යාපාර මෙතෙක් එම බදු මුදල් ගෙවා නොමැති නම් අද දිනය තුළ එම බදු මුදල් ගෙවිය යුතු බවයි.

එසේ නෙකරන පුද්ගලයින්ට දඩ සහ පොලී ගෙවීමට සිදුවන බවද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත බදු ගෙවීමේ පද්ධතිය හරහා ගෙවීම් කළ හැකි අතර, එම ගෙවීම් ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් ද සිදු කළ හැකි බවයි.