ලෝක වැඩිහිටි දිනය අදයි...

ලෝක වැඩිහිටි දිනය අදයි...

by Staff writer 01-10-2026 | 10:40 AM

COLOMBO (News 1st) - ලෝක වැඩිහිටි දිනයද අදට යෙදී තිබේ.

දිගුකාලීන ජීවිතයක් ගත කරන වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සෞඛ්‍ය, ආර්ථික, සමාජීය සහ සේවා පද්ධති නවීන ලෝකයට ගැළපෙන පරිදි යළි සකස් කිරීමේ සහ සංවර්ධනය කිරීමේ වැදගත්කම, මෙවර එහි තේමාවයි.

නව ලොවට පාර කායා දුන්නේ වැඩිහිටි ප්‍රජාවයි.

එබැවින් වැඩිහිටියන් යනු ලොව සාඩම්බර පුරවැසියන් කොට්ඨාසයකි.

වසය අවුරුදු 65 ඉක්ම වූවන් වැඩිහිටියන් ලෙස සලකන අතර ලොව බොහෝ රටවල වැඩිහිටි ජනගහනය ඉහළ යාම දැවැත්ත සමාජ ප්‍රශ්නයක් වී අවසන්.

ශ්‍රී ලංකාවද වැඩිහිටි ජනහගනය ඉහළ යාමේ ගැටලුව හේතුවෙන් පීඩා විදින රටවලින් එකකි.

වැඩිහිටියන්ට ගෞරවාන්විතව සලකන සමාජයක් බිහි කිරීමට කැපවීම සමස්ත සමාජයේම වගකීමක් බව ඒත්තු ගැන්වීමෙන් ඔවුන්ගේ සැඳෑ සමයේ කරදර බාධා අවම වනු නොඅනුමානයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1990 වසරේදී  ලෝක වැඩිහිටි දිනය ප්‍රකාශයට පත් කරන්නේ වැඩිහිටියන්ගේ සුබසාධනය පිළිබඳ ලෝක අවධානය යොමු කිරීමේ අරමුණින්.