.webp)

ඒ පසුගිය දින කිහිපය තුළ පැවති ගෑස් හිඟය සැලකිල්ලට ගනිමින් ය.
එහි සභාපති චන්න ගුණවර්ධන පැවසුවේ, අද දිනයේදී ගෑස් සිලින්ඩර් 80,000ක් බෙදා දීමට කටයුතු යොදා ඇති බවයි.
එමෙන්ම හෙට දිනයේ තවත් ගෑස් සිලින්ඩර් ලක්ෂයක් බෙදා හැරීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවේ ය.
මේ අතර, අද දිනයේදිත් මෙට්රික් ටොන් 3900 ක් රැගත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත ය.
ලිට්රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන පැවසුවේ පසුගිය 16 වැනිදා මෙට්රික් ටොන් 3900ක් රැගත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණි බවයි.
එම ගෑස් තොග සැලකිල්ලට ගනිමින් ඉදිරියේදි ගෑස් හිඟයක් ඇති නොවන බවත් සභාපතිවරයා පැවසුවේ ය.
