කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක්

කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඇරඹීමට පියවර

by Staff writer 18-10-2026 | 9:01 AM

COLOMBO(News1st) - කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාති සහ විනිවිද භාවයකින් යුතු පරික්ෂක්ෂණයක් සිදු කිරිමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි පවසයි.

ඔහු සඳහන් කළේ ඊයේ ලබා දුන් අධිකරණ තීන්දුව මත තවත් පරික්ෂණයක් ද ආරම්භ කිරිම පියවර ගන්නා බවයි.

එමෙන්ම කාවන්තිස්ස ඇතාගේ සිරුරු සාම්පල අංශ කිහිපයක් ඔස්සේ රසායනාගාර පරික්ෂණ සිදු කරන බව ද ඔහු පැවසුවේ ය.

ඒ අනුව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශයේ රසායනාගාර ඔස්සේ එම පරික්ෂණ කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.