.webp)
 (6)-626401.jpg)
ඒ, ඊයේ (21) ඩොනල්ඩ් ට්රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීෆ් විට්කොෆ් සමග ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
පෙරේදා (20) විට්කොෆ් ඔස්ලෝ නුවරදී යුක්රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි මෙන්ම, ෆින්ලන්ත, නෝර්වේ සහ නේටෝ නියෝජිතයන් සමගද සාකච්ඡාවල නිරත විය.
එවැනි පසුබිමක ඊයේ (21)ක්රෙම්ලිනය සඳහන් කළේ ඇමරිකාවේ මැදිහත්වීමෙන් සිදුවන මීළඟ සාම සාකච්ඡා වටය නොවැම්බර් 10 වැනිදායින් පසුව අබුඩාබි හිදී පැවැත්විය හැකි බවයි.
2022 වසරේදී රුසියාව යුක්රේනය ආක්රමණය කිරීමට උත්සහ කිරීමත් සමඟ ආරම්භ වූ එම යුද්ධය තමන් ජනපති වූ පසු පැය 24ක් තුළ අවසන් කළ හැකි බවට සිය මැතිවරණ ප්රචාරණ රැළිවලදී ඩොනල්ඩ් ට්රම්ප් ප්රතිඥා දුන්නද තවම එහි කිසිඳු ප්රගතියක් නොමැත.
මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාවේ මැදිහත්වීමෙන් රුසියානු යුක්රේන සාකච්ඡා පැවතුණද, ඇමරිකාව ඊශ්රායලය සමඟ එක්ව ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කිරීම හේතුවෙන් රුසියානු යුක්රේන සාකච්ඡා බිඳ වැටිණි.
කෙසේ නමුත් ඊයේ (21) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සඳහන් කළේ, දැන් රුසියානු යුක්රේන අර්බුධය විසඳා ගැනීමට ඉතාම ආසන්න මොහොතකට පැමිණ ඇති බවයි.
සාම සාකච්ඡා සඳහා පුටින් එකඟතාව පළකොට පැය කිහිපයක් තුළ රුසියාව යුක්රේනයේ කීව් ඇතුළු ප්රදේශවලට මිසයිල ප්රහාර දියත් කර ඇති බවට වාර්තා වේ.
ඊයේ රාත්රියේ එම ප්රහාර හමුවේ පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලැබූහ.
