.webp)
-626486.jpg)
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම පොලිසියට නියෝග කලේ අධිකරණ ආඥාව උල්ලංඝණය කරමින් ක්රියාකලහොත් අපරාධ නඩු විධාන සංග්රහය සහ පොලිස් ආඥා පන්ත යටතේ අවශ්ය නීතිමය පියවර ගන්නා ලෙසයි.
විහාර මහා දේවී උද්යානයේ සත්යග්රහ කරන භික්ෂූන් වහන්සේ අද ජනාධිපති නිතීඥ මෛත්රී ගුණරත්න මාර්ගයෙන් මෝෂන් පත්රයක් ගොනු කරමින් අධිකරණය ඊයේ නිකුත් කල අඥාව ඉවත් කරගැනීමේ ඉල්ලීමක් කළේය.
මේ අතර නිතීපතිවරයා ද මෝෂන් පත්රය ගොනු කරමින් ඉල්ලා සිටියේ අධිකරණ ආඥාව වෙනස් නොකරන ලෙසයි.
ආඥාව කඩ කරමින් රැඳි සිටින පිරිස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසද නීතිපතිවරයා ඉල්ලා සිටියේය.
මේ අතර කොළඹ විහාරමහාදේවී උද්යානයේ පැවැත්වෙන සත්යග්රය ආවරණය කිරීමට එහි සිටින පිරිස අවසර දෙන්නේ තෝරාගත් කිහිප දෙනෙකුට පමණයි.
