හබරාදූවේදී බස් රථයක්,දුම්රියක ගැටී ළමුන් 8කට තුවාල

සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ගාල්ල හබරාදුව ප්‍රදේශයේදී දුම්රියේ ගැටෙයි. සිසුන් 8 දෙනෙකුට තුවාල. - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 25-10-2026 | 3:54 PM

COLOMBO(News1st) - හබරාදූව සහ කොග්ගල දුම්රිය ස්ථාන අතරදී බස් රථයක්, දුම්රියක ගැටීමෙන් ළමුන් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, හබරාදූව දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය සංඥා දැල්වී තිබියදී බස් රථය ඒ හරහා ගමන් කිරීමෙන් අනතුර සිදුව ඇති බවයි.

බරපතල තත්ත්වයේ පසුවූ තුන් දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, මහරගම උපකාරක පන්තියක සිසුන් පිරිසක් විනෝද චාරිකාවක් රැගෙන යමින් තිබූ බස් රථයකි.

එම අවස්ථාවේ බස් රථයේ සිටි සංඛ්‍යාව, 61ක් වන අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.