ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනපති ධුරයට

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනපති ධුරයට...

by Staff writer 26-10-2026 | 10:10 AM

COLOMBO (News 1st) - ලූලා ද සිල්වා, හතරවැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපති ලෙස අද (26) තේරී පත්විය.

1988 වසරෙන් පසු, ජනාධිපතිවරණයේ පළමු වටයේදී පරාජය වූ අපේක්ෂකයෙකු දෙවැනි වටය ජයගත් පළමු අවස්ථාවේ මෙයයි.

එරට මැතිවරණ කොමිසමට අනුව ප්‍රකාශිත ප්‍රතිඵලවලින් 51.75%  ලූලා දිනාගෙන ඇති අතර ප්‍රතිවාදී ෆ්ලාවියෝ බොල්සොනාරෝ හිමිකරගෙන ඇත්තේ ඡන්ද  48%ක් පමණි.

හත් වතාවක් ජනපති ධුරය සඳහා තරග කර ඇති ලූලා ද සිල්වා, මීට පෙර 2002, 2006 සහ 2022 යන වසරවලදීද එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

අතිශය තීරණාත්මක වූ මෙවර බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු අදියර පසුගිය ඔක්තෝබර් 4 වැනිදා පැවැත්වුණු නමුත් එහිදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් දිනාගැනීමට සමත් නොවීය.

ෆ්ලාවියෝ බොල්සොනාරෝ එහිදී 47% ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් අතර ලූලා ද සිල්වා 45%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත්තේ ය.

ෆ්ලාවියෝ යනු රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවලට වරදකරු වී සිරගත කෙරුණු බ්‍රසීලයේ හිටපු ජනපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත්‍රයෙකි.

45 හැවිරිදි ඔහු ජනාධිපතිවරණයට එක්වුණේ බොල්සොනාරෝ පවුලේ සාමාජිකයින්ට සහ එම පරිපාලනයේ නිලධාරීන්ට ප්‍රබල දූෂණ සහ මූල්‍ය වංචා චෝදනා මෙන්ම බලය අවභාවිත කිරීම පිළිබඳව ද චෝදනා එල්ල වී ඇති පසුබිමකයි.

ඔහුගේ ප්‍රතිවාදියා වූ 80 හැවිරිදි ලූලා ද සිල්වාත් දූෂණ සහ මුදල් විශුද්ධිකරණය චෝදනාවලට වරදකරු වී සිරගතව සිටි අයෙකි.

කෙසේ නමුත් 2021 වසරේදී එම දඬුවම් අවලංගු කෙරුණා.

පැවති තත්ත්වය හමුවේ ඊයේ (25) රට පුරා ඡන්ද මධ්‍යස්තාන අමතර පැය දෙකක කාලයක් විවෘතව තැබීමට පවා එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.