ටිබෙටයට ප්‍රභල භූ කම්පනයක් : 16ක් මරුට.

ටිබෙටයේ හටගත් මැග්නිටියුඩ් 7ක ප්‍රභල භූ කම්පනයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මරුට.

by Staff writer 23-10-2026 | 9:35 AM

COLOMBO(News1st) - ටිබෙටයේ හටගත් මැග්නිටියුඩ් 7ක ප්‍රභල භූ කම්පනයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ.

මෙරට වේලාවෙන් ඊයේ(22) රාත්‍රී 8ට පමණ දකුණු චීනයේ නග්චූ ආශ්‍රිතව සිදුවූ අදාල භූ කම්පනයෙන් තවත් 30නෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

චීනයේ ෂින්වා පුවත් සේවය වාර්තා කළේ, භූ කම්පනයෙන් නිවාස 300කට පමණ හානි සිදුව ඇති බවයි..

මුදාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සඳහා පොලිස් නිලධාරීන්, ගිනි නිවන භටයින් ඇතුළු පුද්ගලයින් 700ක් පමණ කලාපයට යොදවා ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

පසුගිය අගෝස්තු මාසය අවසානයේ ටිබෙටයේ ග්ලැසියර කොටසක් කඩා වැටීමෙන් හටගත් දැවැන්ත ජල පහර හේතුවෙන් නේපාල සහ ටිබෙට් දේශ සීමාව දැඩි බලපෑමට ලක්විය.

ඉන් පුද්ගලයින් 1,400 දෙනෙකු මියගොස් තවත් 5,000ක් පමණ අතුරුදන් විය.