ගෝඨාභයගේ මෝසමට කරණු දක්වන්න - අධිකරණයෙන් නොතීසි.

ගෝඨාභයගේ මෝසමට අදාළව කරණු දක්වන්නැයි අධිකරණයෙන් CIDයට නොතීසි.

by Staff writer 28-10-2026 | 3:21 PM

COLOMBO(News1st) - ප්‍රතිකාර සඳහා විදෙස් ගත වීමට අවසර ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ මෝසමට අදාළව ලබන 04 වැනිදා සවස 02ට අධිකරණය හමුවේ පෙනී සිටි කරුණු දක්වන්නැයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතිසී නිකුත් කෙරුණි.

ඒ, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ මෝසම කැඳවූ අවස්ථාවේදීයි.

මෝසමෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ, සිංගප්පූරුවේ හෘද රෝග සැත්කමකින් පසු සිදු කිරීමට ඇති පශ්චාත් ප්‍රතිකාර කටයුතු සඳහා එම විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසයි.

මීට මාස හතරකට පමණ පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක් නිකුත් කළේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳ නඩුව සම්බන්ධයෙන්.