සොයිසාපුර වෙඩි තැබීම: තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

සොයිසාපුර වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට...

by Staff writer 28-10-2026 | 7:47 AM

COLOMBO (News 1st) - ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේදී වෙඩි තබා අවන්හල් හිමිකුරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ගල්කිස්ස හා කහතුඩුව ප්‍රදේශවල බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසය සිදුකළ වැටලීමකදීයි.

සැකකරුවන් 28 හා 36 වයස්වල පසුවන කහතුඩුව හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන්.

පසුගිය 20 වැනිදා ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේදී වෙඩිතබා අවන්හල් හිමිකුරුවෙකු ඝාතනය කර කාන්තාවකටද බරපතල තුවාල සිදු කර තිබිණි.