.webp)
චීනයෙන් ආරම්භ වී ලෝකයේ සෑම රටකම පැතිරී ගිය මාරාන්තික කොරෝනා වෛරසයේ බරපතළකම යම් තරමකටම හෝ පාලනයකට ලක් කර ක්‍රමක්ක්‍රමයෙන් ජන ජීවිත යථා තත්ත්වයට පත් වූයේ, කොවිඩ් මර්දන එන්නත් හඳුන්වාදීමෙන් පසුවයි.
ලොව විවිධ රටවල් කොවිඩ් මර්දන එන්නත් හඳුන්වා දුන් අතර ඒ අතරින් ඉන්දියාව කැපී පෙනෙන ස්ථානයක පසුවිය.
කොවිඩ් මර්දන එන්නත්කරණයේ නව පියවරක් ඉදිරියට තබමින් ඉන්දියාව පළමුවරට නාසික කොවිඩ් මර්දන එන්නත(Nasal Covid vaccine) එරට වැසියන්ට ලබාදීම සඳහා අනුමැතිය දී තිබේ.
ඉන්දීය සමාගමක් විසින් නිෂ්පාදිත ඉනෝවැක් (iNCOVACC) නම් මෙම එන්නත නාසයට බිංදු ආකාරයෙන් ලබාදිය හැකියි.
ඒ අනුව මීට පෙර Covishied or Covaxin කොවිඩ් මර්දන එන්නත් ලබාගත් පිරිසට බූස්ටර් එන්නතක් ලෙස මෙය ලබාගත හැකිය.
විද්‍යාඥයින් පවසන්නේ, සාමාන්‍ය එන්නතකට වඩා නාසික එන්නත මගින් වැඩි ප්‍රතිශක්තිකරණයක් අපේක්ෂා කරන බවයි.
මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී චීනය ද නාසික එන්නත් සඳහා අනුමැතිය ලබාදුන් අතර මේ වනවිට එක්සත් ජනපදය මෙන්ම අමෙරිකාව ද නාසික එන්නත් හඳුන්වා දීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරනු ලබයි.
ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වනවිට ඉන්දීය ජනග්‍රහණයෙන් 70 % කට වඩා වැඩි පිරිසක් අවම වශයෙන් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 2 ම ලබාගෙන ඇති බවයි.