.webp)

මෙසේ නිර්දේශ වී ඇත්තේ, ප්‍රවෘත්ති වාර්තාකරණය, වනජීවී හා පරිසරය ආශ්‍රිත වාර්තාමය වැඩසටහන්, විනෝදාස්වාද වැඩසටහන් සහ සංගීත වැඩසටහන් යන ක්ෂේත්‍රයන්ගෙන් ගෙන්.
🔴 Best Documentary Series
Newsfirst විසින් Sirasa TV වෙනුවෙන් නිෂ්පාදනය කළ “Save the Sri Lankan Leopard” වැඩසටහන Best Documentary Series කාණ්ඩය සඳහා නිර්දේශ වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කොටියන් සංරක්ෂණය සහ ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව අවධානය යොමු කරන මෙම නිර්මාණය, ආසියාවේ ප්‍රමුඛ පෙළේ වාර්තාමය නිර්මාණ කිහිපයක් සමග නිර්දේශ වී තිබීමත් විශේෂත්වයක්.
🔴 Best Entertainment (One-Off/Annual)
MTV චැනල් පුද්ගලික සමාගම සහ Stein Studios විසින් Sirasa TV වෙනුවෙන් නිෂ්පාදනය කළ සිරස රූ රෑ (Sirasa Ruu Raa) වැඩසටහන Best Entertainment (One-Off/Annual) කාණ්ඩය යටතේ නාමයෝජනා ලබාගෙන තිබෙනවා.
🔴 Best Music Programme
Shakthi TV ඔස්සේ විකාශය වූ MTV Channel Pvt Ltd සහ Stein Studios විසින් නිෂ්පාදනය කළ “Shakthi Crown” වැඩසටහන Best Music Programme කාණ්ඩය සඳහා නිර්දේශ වී තිබෙනවා.
🔴 Best Single News Story or Programme
මේ අතර Newsfirst විසින් නිෂ්පාදනය කළ “The Unseen Storm - When Systems Fail” වැඩසටහන Best Single News Story or Programme කාණ්ඩය සඳහා නිර්දේශ වී තිබේ.
ලෝකයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති නිෂ්පාදන සමග තරග වදින මෙම නාමයෝජනාව ශ්‍රී ලංකාවේ ගවේෂණාත්මක සහ මහජන අවශ්‍යතා මත පදනම් වූ ප්‍රවෘත්ති වාර්තාකරණයට ලැබුණු ජාත්‍යන්තර ඇගයීමක්.
🔴 "ශ්‍රී ලංකාව ලෝකයට රැගෙන යාම අපේ සිහිනයක්” - ශෙවාන් ඩැනියල්
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැපිටල් මහරාජා සමූහයේ සහ මහරාජා මාධ්‍ය ජාලයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් පැවසුවේ මෙය සමස්ත ශ්‍රී ලංකාවේම ජයග්‍රහණයක් බවයි.
“මේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක්. අපට ලැබෙන දැවැන්ත සහයෝගය ලබාදෙන අපගේ හවුල්කරුවන්ටත්, ශ්‍රී ලංකාවේ ජනතාවටත් ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාව ලෝකයට රැගෙන යාමේ අපගේ සිහිනය කරා තැබූ තවත් පියවරක් මෙයයි.”
මෙම නිර්දේශ හතර හරහා Maharaja Media Network හි නිර්මාණාවල විවිධත්වය හා පරාසය පැහැදිලිව දැකගත හැකියි.
31 වැනි Asian Television Awards සම්මාන උළෙල 2026 නොවැම්බර් 13 සහ 14 යන දිනවල වියට්නාමයේ Ho Chi Minh City හි Hoa Binh Theatre හිදී පැවැත්වීමට නියමිතයි.
