රාජකීයයන් පෙරමුණ ගත් නිල් මහ සටනේ දෙවන දිනය

144 වැනි නිල් මහ සටන: දෙවැනි දිනය අවසානයේ රාජකීයයන් පෙරමුණේ

by Staff writer 17-03-2023 | 6:19 PM

COLOMBO (News 1st) – කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 144 වැනි නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද (17)  දෙවැනි දිනටත් පැවැත්විණි.

අද (17)  දින අවසානයේ නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන රාජකීය විදුහල් කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 168ක්.

ඒ අනුව ඔවුන් ශාන්ත තෝමස් කණ්ඩායමට වඩා ලකුණු 341 ක් ඉදිරියෙන් පසුවෙයි.

කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීය විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 326ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවනු ලැබූ  අතර ඊට පිළිතුරු ලෙස ශාන්ත තෝමස් කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 153ක් පමණි.

හෙට තරගයේ අවසන් දිනයයි.