Online පනතේ සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලයට ?

Online පනතේ සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලයට ?

by Staff writer 12-02-2024 | 6:13 AM

COLOMBO (News 1st) - මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ, විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගනිමිනි.

අද දිනයේදී හෝ මීළඟ කැබිනට් හමුවේදී මෙම සංශෝධන ඉදිරිපත් කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ ය.

පසුගිය දිනවල මෙම පනතේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු බොහෝ පාර්ශ්වව දැඩි විවේචන එල්ල කර තිබේ.