පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

by Staff writer 20-02-2024 | 6:21 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද (20) උදෑසන 9.30 ට රැස්වීමට නියමිත වේ.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධාන්තවයෙනි.

සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත්, උකස්, කල්බදු මූල්‍යකරණ, දේශීය භාර ලදුපත්, සමාගම් සංශෝධන, ලේඛන ලියාපදිංචි කිරීම යන පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම අද පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසිද අද විවාදයට ගැනෙනු ඇති.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වන නියමයන් දෙකක් විවාද කිරීමකින් තොර හෙට පාර්ලිමේන්තුවේ දී අනුමත කර ගැනීමට නියමිතව තිබේ.

රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය ගෙනෙන යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද නියමිතයි.

බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කරනු ඇති.