පී.බී. ජයසුන්දරගෙන් අල්ලස් කොමිසමට ප්‍රකාශයක්...

එයාර්බස් ගනුදෙනුව ගැන හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ ගනී...

by Staff writer 01-10-2026 | 11:05 AM

COLOMBO (News 1st) -එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම්වරයෙකු මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ ආචාර්ය පී.බී. ජයසුන්දරගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අල්ලස් කොමිසම පැවසුවේ, ඔහුගේ නිවසේදී පැය 4කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බවයි.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද නම් කර තිබිණි.