Digital Summit Asia Sri Lanka 2026 කොළඹදී ඇරඹේ....

Digital Summit Asia Sri Lanka 2026 කොළඹදී ඇරඹේ....

by Staff writer 01-10-2026 | 12:49 PM

COLOMBO (News 1st) - ඩිජිටල් අලෙවිකරණය, නිර්මාණශීලීත්වය, තාක්ෂණය සහ ව්‍යාපාර යන ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ චින්තකයින්ගේ කලාපීය හමුවක් වන "Digital Summit Asia Sri Lanka 2026" අද (01) ආරම්භ විය.

ඒ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමය විසින් මෙම හමුව සංවිධානය කරනු ලබයි.

"The Epicentre" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවට ශ්‍රී ලංකාවෙන් සහ ආසියා කලාපය පුරා සිටින නිර්මාණකරුවන්, 
ව්‍යවසායකයින්, අලෙවිකරුවන්, තාක්ෂණික නායකයින් සහ ව්‍යාපාරික වෘත්තිකයන් සහභාගී වේ.

"Digital Summit Asia Sri Lanka 2026" හි නිල විද්‍යුත් මාධ්‍ය හවුල්කරුවා වන්නේ සිරස මාධ්‍ය ජාලයයි.