දේශපාලනඥයින් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරන්න

දේශපාලනඥයින් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරන්න - අගමැති‌ හරිනිගෙන් නිලධාරීන්ට උපදෙස්..

by Staff writer 27-09-2024 | 9:36 AM

COLOMBO (News1st) -දේශපාලනඥයන් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරන ලෙස අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඊයේ (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.  

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටු විය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිළිබඳ පූර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවදානයට යොමු කරන ලෙසත් ඇය වැඩිදුරටත් පවසා ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.