හිටපු පා.මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවතට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවත් කෙරේ.

by Chathurika Jayasundara 27-09-2024 | 11:01 PM

COLOMBO ( News1st) - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇතැයි පොලීසිය  ප්‍රකාශ කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායකවරයාට පමණක් තවදුරටත් පොලිස් ආරක්ෂාව ලබාදෙන බවයි.

ඊට අමතරව, යම් තර්ජන හෝ ගැටලු පවතින හිටපු මන්ත්‍රීවරුන්ට අවශ්‍යතාව පරිදි පොලිස් ආරක්ෂාව ලබාදෙන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.