ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට,දැනුම් දිමක්

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව පිළිබඳ සතියක් තුළ වාර්තාවක් ලබා දෙන්නැයි මානව හිමිකම් කොමිසමෙන් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දිමක්.

by Staff writer 27-09-2024 | 10:15 AM

COLOMBO (News1st) - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවිමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන සිකුරාදා  වන විට වාර්තාවක් ලබා දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුවට මානව හිමිකම් කොමිසම දැනුම් දී තිබේ.

මානව කොමිසම ඒ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ හා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ(26) කැඳවූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබාදුන් බවයි.

එම සාකච්ඡාවේදි ප්‍රශ්න පත්‍රය පිළිබඳ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව කොමිසම සඳහන් කළේ ය.

මානව හිමිකම් කොමිසම පැවසුවේ එහිදි ප්‍රශ්න පත්‍රය පිටවිම හේතුවෙන් දරුවන්ගේ මානව හිමිකම් කඩවීම මෙන්ම විභාගය යළි පැවැත්විම හේතුවෙන් ඔවුන්ට සිදුවන බලපෑම යන  අංශ දෙක සම්බන්ධයෙන්ම සාකච්ඡා කළ බවයි

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට මෙම සිදුවීම හේතුවෙන් අගතියට පත් ළමුන්ගේ දෙම්ව්පියන් විසින් පැමිණිලි රැසක් මානව හිමිකම් කොමිසමට යොමු කර ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසයි.