නිල නිවාස භාර දෙන්න.හිටපු මැති ඇමතිවරුන්ට දන්වයි.

නිල නිවාස වහාම භාර දෙන්න..හිටපු මැති ඇමතිවරුන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

by Staff writer 27-09-2024 | 8:26 AM

COLOMBO (News1st) - හිටපු මැති ඇමතිවරුන්ට ඔවුන් විසින් භාවිත කරන ලද නිළ නිවාස ආපසු භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සදහන් කළේ ඒ බව ලිපි මගින් හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දුන් බවයි.

හිටපු අමාත්‍යවරුන් විසින් රජයේ නිළ නිවාස මේ වන තෙක් භාර දී නැතැයි වැඩිදුරටත් ඔහු සඳහන් කළේය.