ගෝඨා ගෝ ගම අරගල භූමියට පහරදීමේ සිද්ධියේ නඩුව :

ගෝඨා ගෝ ගම අරගල භූමියට පහරදීමේ සිද්ධියේ නඩුව විභාග කිරීමට නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි.

by Staff writer 22-09-2026 | 9:09 PM

COLOMBO(News1st) - ගෝඨා ගෝ ගම අරගල භූමියට පහරදුන් බව කියන සිද්ධියට අදාළ නඩුව විභාග කිරීමට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලා නීතීපතිවරයා, අගවිනිසුරුවරයාට ලිපියක් යොමු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 20 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කෙරෙනු ඇති.

චෝදනා 328ක් යටතේ අධිචෝදනා ගොනු කෙරෙන බව නීතීපති දෙපාර්තමේන්තුව පැවසීය.

ගෝඨා ගෝ ගම අරගල භූමියට පහරදුන් බව කියන සිද්ධියේදී 56 දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද අධිචෝදනා ගොනුකෙරෙන බව නීතීපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.