පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට වසර 200 සිට 260 දක්වා වෙන් වෙන් වශයෙන් වූ සිරදඬුවම්...

by Staff writer 23-09-2026 | 12:52 AM

COLOMBO (News 1st) - 2019 වසරේ පාස්කු ඉරු දිනයේ එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ වරදකරුවන් කෙරුණු  15 දෙනාට වෙන් වෙන් වශයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේ ය.

ඒ අනුව නඩුවේ 8 වැනි විත්තිකරුට වසර 260ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි.

වරදකරුවන් කෙරුණු 5 දෙනෙකුට බරපතල වැඩ සහිතව වසර 220ස් බැගින්  සිරදඬුවම් නියම විය.

තවත් 4 දෙනෙකුට බරපතල වැඩ සහිතව වසර 240 බැගින් සිරදඬුවම් නියම කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළේය.

වසර 200 බැගින් බරපතල සිරදඬුවම් නියම වූයේ වරදකරුවන් ගණන 5කි.

මීට අමතරව ඔවුන්ගේ සියලු චංචල හා නිශ්චල දේපළ රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කළේ ය.

දඬුවම් නියම කළේ , නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරිණි

තීන්දුව ප්‍රකාශට පත් කරමින් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කෙරුණු අතර  9 දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරිණි.