.webp)
-624309.jpg)
වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස්, කොටුව මහේස්ත්‍රාත් පසාන් අමරසේන හමුවේ අද(22) මේ බව ප්‍රකාශ කළේය.
සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට වර්තාවක් ඉදිරිපත් නොකිරීම සහ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට වාර්තා ලබා නොදීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිට හේතු දක්වන ලෙස පසුගිය නඩුවාරයේදී ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට නොතීසි නිකුත් කෙරුණි.
ඒ අනුව, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර , අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පැවසුවේ, අධිකරණ නියෝගයක් තිබුණද සුරේෂ් සලේ තවමත් ඔහුගේ ජංගම දුරකතනයේ සහ පරිගණකයේ මුර පද විමර්ශන නිලධාරීන්ට ලබාදී නොමැති බවයි.
ඔහු දැන් සිටින්නේ හෘදය සම්බන්ධ වාට්ටුවකදැයි එහිදී මහේස්ත්‍රාත්වරයා විමසූ අතර ඊට පිළිතුරු දෙමින් දිලීප පීරිස් සඳහන් කළේ හෘදය සම්බන්ධ ප්‍රතිකාර අවසන් බවයි.
වෙනත් රෝගීනුත් දත්වල අමාරුවට මේ විදිහට රඳවා ගෙන ප්‍රතිකාර කරනවාද ඇයි මහේස්ත්‍රාත්වරයා විමසීය.
සුරේෂ් සලේ වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ වෛද්‍ය වාර්තාවේ සුරේෂ් සලේ වද හිංසාවට ලක්ව ඇතැයි සඳහන් වී ඇති බවයි.
එම වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ මානසික පීඩනයකට ලක්ව ඇති බව මිස, වද හිංසාවකට ලක්වූ බවක් නොවේ යැයි මහේස්ත්‍රාත්වරයා එහිදී කියා සිටිායේය.
ඒ සම්බන්ධයෙන් වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.
සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කෙරුණු අතර, නඩුව නැවත කැඳවීමට නියමිතයි.
