.webp)

COLOMBO (News 1st) - ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද පස්වරු එකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මි. මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද කාලගුණ අනාවැකියේ සඳහන්.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ අතර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලටත් යාපනය, කිලිවනාච්චි,මුලතිව්, වව්නියාව මන්නාරම හා හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් අද දිනයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ අගයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රෙද්ශවල ජීවත් වන ජනතාව ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ආරක්ෂිත උපදෙස් අනුගමනය කළ යුතු බවයි.
