.webp)

එම මාර්ගයේ දුම්රිය ධාවනය අද(05) උදෑසන සිට අඩාල වී තිබුණේ, ඉහළ කෝට්ටේ හා කඩිගමුව අතරදී මාර්ගයට ගල් පෙරලීමෙන් සහ දුම්රියක් පිලි පැනීමෙන්.
පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රිය එලෙස පීලීපැනීමකට ලක් වුණි.
මේ අතර, ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කළේ දිට්වා සුළි කුණාටුවෙන් පසු මාර්ගය දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයට පත් කර තිබුණේද යන්න සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි.
මේ සම්බන්ධයෙන් නිවුස්ෆස්ට් කළ විමසීමකදී ජාතික ගොනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කළේ මෙම මාර්ගයේ දුම්රිය ධාවනයට සිය අනුමැතිය ලබාදී ඇති බවයි.
පීලිපැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමෙන් අනතුරුව, අද පස්වරුවේ සිට දුම්රිය ධාවනයට මාර්ගය විවෘත කෙරුණි.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද(05) පස්වරු 4.35ට සහ 5.15ට කොළඹ කොටුවේ සිට පේරාදෙණිය බලා දුම්රිය ධාවනයට පියවර ගත් බවයි.
