ප්‍රදේශ රැසකට අද ප්‍රභල අකුණු

ප්‍රදේශ රැසකට අද ප්‍රභල අකුණු

by Staff writer 05-10-2026 | 3:34 PM

COLOMBO (News 1st) - වයඹ, මධ්‍යඹ, සබරගමුව ඌව බස්නාහිර දකුණ හා උතුරු මැද පළාත් හා මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුනව පැවසුවේ, එම ප්‍රදේශවල සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළංද ඇතිවිය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැණුම් දෙන්නේ, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.