අධිවේගයේ ආසන පටි නැතුව ගිය 3,000කට වැඩ වරදී...!

අධිවේගයේ ආසන පටි නැතුව ගිය 3,000කට වැඩ වරදී...!

by Staff writer 05-10-2026 | 2:53 PM

COLOMBO (news 1st) - අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය කඩ කළ 3,000 ආසන්න පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතැයි, පොලීසිය පවසයි.

රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී.ජේ. සේනාධීර පැවසුවේ බොහෝ පිරිසක් එම නීතියට අනුගත වුවද සුළු පිරිසක් එම නීතිය අනුගමනය නොකරන බවයි.

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල සියලු මගීන් ආසන පටි පැළඳීම, පසුගිය 19 වැනිදා සිට අනිවාර්ය කෙරිණි.