අයිස් සමග ධීවරයෙකු ඇල්පිටියේදී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකක් සමග ධීවරයෙකු ඇල්පිටියේදී අත්අඩංගුවට - පොලීසිය

by Staff writer 13-10-2026 | 8:52 AM

COLOMBO(News1st) - අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 140ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රැම් 510ක් සමග සැකකරුවෙකු ඇල්පිටිය කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්ගොඩ පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ කුලිගොඩ ගලගොඩවත්ත පදිංචි 32 හැවිරිදි ධීවරයෙකි.

සැකකරු අද(13) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.