වසා දැමුණු යාල වනෝද්‍යානයේ කලාප යළි විවෘත වෙයි

වසා දැමුණු යාල වනෝද්‍යානයේ කලාප යළි විවෘත වෙයි

by Staff writer 13-10-2026 | 10:27 AM

COLOMBO(News1st) - අධික වියළි කාලගුණ හේතුවෙන් තාවකාලිකව වසා දැමූ යාල ජාතික උද්‍යානයේ කලාප අංක 01 සහ 02 ලබන 16 වැනිදා යළි විවෘත කෙරේ.

එම කලාප තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණේ පැවති අධික වියළි ස්භාවයට අමතරව වනසතුන්ගේ ප්‍රජනන සමය හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය නිදහස් පාරිසරික වටපිටාවක් නිර්මාණය කිරීම සඳහායි.

ඊට අමතරව උද්‍යානයේ මාර්ග පද්ධතියේ පවතින අළුත්වැඩියා කටයුතු සිදුකිරීම ඇතුළු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා අදාළ කලාප වසා තැබුණි.

ඒ පසුගිය සැප්තැම්බර් 14 වනදා සිටයි.