යෝෂිත සහ නාමල් අද අධිකරණය හමුවට...

යෝෂිත සහ නාමල් අද අධිකරණය හමුවට...

by Staff writer 13-10-2026 | 9:07 AM

COLOMBO(News1st) -  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාළ නඩුව අද(13) කැඳවීමට නියමිතයි. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය සැප්තැම්බර් 04 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.

ශ්‍රීලංකන් ගුවන් සමා­ගම සඳහා එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100 ක මුදලක් අල්ලස් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේ සැකකරුවකු වූ 
නාමල් රාජපක්ෂට කොටුව මහේ­ස්ත්‍රාත් අධිකරණය සැප්තැම්බර් 30 වැනිදා ඇප නියම කළේ ය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අල්ලස් අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවරා ඇති නඩුවේ ඇප ඉල්ලීම සලකා බැලීම අද  ද සිදු කෙරේ.

නිසි අධ්‍යාපනික සුදුසුකම් නොමැතිව නාවික හමුදා නිලධාරියකු ලෙස බඳවාගෙන බ්‍රිතාන්‍යයේ පාඨමාලාවට සහභාගි වීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින්  යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව අද විභාගයට ගැනීමට නියමිතයි. ඒ කොළඹ මහාධිකරණය හමුවේයි.