දේශීය මූල්‍ය පද්ධතිය ගැන මහ බැංකුව කියන කතාව

මේ වසරේ පළමු මාස හය තුළ අභියෝගාත්මක ගෝලීය තත්ත්වයන් හමුවේත් දේශීය මූල්‍ය පද්ධතියේ ප්‍රගතියක් -ශ්‍රී ලංකා මහබැංකුව

by Staff writer 13-10-2026 | 8:49 AM

COLOMBO(News1st) - මේ වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වා ගෙන යෑමට හැකි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

භූ දේශපාලනික ආතතීන්, උද්ධමන පීඩනය, බලශක්ති මිල ගණන් ඉහළ යාම සහ මූල්‍ය තත්ත්වයන් වඩාත් දැඩි වීම වැනි අභියෝගාත්මක ගෝලීය තත්ත්වයන් යටතේයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන්නේ මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හමුවේ දේශීය ආර්ථිකයට අඛණ්ඩව බලපෑම් හා අවදානම් ඇති කරමින් පවතින බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කළේ, නවතම මූල්‍ය ස්ථාවරතා සමාලෝචන වාර්තාව එළි දක්වමිනි.

මූල්‍ය ස්ථාවරතා සමාලෝචන වාර්තාවට අනුව, මුල් මාස හයේ මූල්‍ය ස්ථාවරත්වයට ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් හේතු වී තිබේ.

එනම්, අඛණ්ඩව සිදුවන ආර්ථික ප්‍රකෘතිමත් වීම, රාජ්‍ය මූල්‍ය තත්ත්වය යහපත් වීම සහ බැංකු හා මූල්‍ය සමාගම් ප්‍රමාණවත් ප්‍රාග්ධන හා මුදල් සංචිත පවත්වාගෙන යාමයි.