.webp)

ඒ ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙනි.
එහි බලපෑමෙන් දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණ අනාවැකියේ සඳහන්.
වර්ෂාධික කාලගුණයත් සමග දිවයිනේ ජලාශ හා වැව් 17ක් මේ වනවිට වාන් දමමින් පවතී.
අධික වැසි හේතුවෙන්, දිස්ත්රික්ක 5කට නිකුත් කළ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් අද පස්වරුව දක්වා ක්රියාත්මකයි
කෑගල්ල , රත්නපුර , බදුල්ල , මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත්.
මේ අතර ත්රිකුණාමලය සිට කන්කසන්තුරය , කල්පිටිය සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ ය.
එම අවස්ථාවල අදාළ මුහුදු ප්රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 60 -70 දක්වා තද සුළං ඇති විය හැකියි.
එම මුහුදු ප්රදේශ භාවිතයේදී විමසිලිමත්වන්නැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්රජාවට උපදෙස් දෙයි.
